29 December 2015

මේ අවුරුද්දෙ ගිය දෙවනි ඇනුවල් ට්‍රිප් චාරිකාව. එහෙම උනේ මොකද කියනවනං ඒ 2014 ට්‍රිප්පෙක ගියේ මේ අවුරුද්දෙ පෙබරවාරි මාසෙ නිසා. ඒ ට්‍රිප් එක ගැන අපි මීට කලින් පෝස්ට්ටෙකක් දැම්ම නෙව.

මේ පාර යන්න තීරණේ කරපු තැං උනේ පොළොන්නරුව, ත්‍රිකුණාමලය, සහ සීගිරිය.

හැම ට්‍රිප්පෙකේම වගේ මේ පාරත් බාබක්‍යු එකට වැදගත් තැනක් ලැබිලා තිබ්බා. ඒ නිසා යන්න දවස් කීපෙකට කලිං ගිහිං ඒකට ඕන කරන අඩුම කුඩුම ටික කාගිල්ස් උන්නැහේගෙ කඩෙං ගෙනත් තිබ්බා.

අමුද්‍රව්‍ය සියල්ලෝම සීරුවෙන් සිටින්!

බාබක්‍යු වැඩේට කඩෙන් ගන්න අඟුරු පත්තු කරගන්න ටිකක් අමාරු නිසා, උත්ප්‍රේරකයක් විදියට පොල් කටු අඟුරු ටිකක් හදං යන්න අපි හිතල තිබ්බෙ. මේ තියෙන්නෙ ට්‍රිප්පෙක යන්න කලිං දවසෙ අපි පොල් කටු අඟුරු හදපු විදිය.

ගිනි තබන හමුදාව

එදා හවස ඊළඟට පන්සල් යෑම.

වඳින්න යන මේ නඩේට…

ට්‍රිප්පෙකට කලිං දවස ගත උනේ ඔන්න ඔය විදියට. ඊට පස්සේ ට්‍රිප් එක යන දවස. හරියටම උදේ 4:30 ට බස්සෙක ඔපිස්සෙකෙං පිටත් උනා.

මෙන්න යනෝ!!!

ඔහොම ගිහිං 7 ට විතර නැවැත්තුවා ගම්පහදි බ්‍රෙක්ෆස්ට් කන්නෙයි කියලා. හැබැයි බ්‍රේක්ෆස්ට් කන්න දුන්නෙ නෑ; පානුයි සීනි සම්බලුයි ගුවන් යානා තේයි විතරයි දුන්නේ! 🙁

බඩක් නොව බඩවල් දහසක්!

ටික දුරක් ගිහිං ආපහු නැවැත්තුවා ටිකක් ලොකු පොඩි කැලයක් මැද ගත සිත සැහැල්ලු කරගන්න.

පොටෝ ගහන්නාගේ පොටේ ගැහීම

ඊට පස්සෙ කෙලින්ම ගියා මින්නේරියෙ. මින්නේරියෙ වැවේ නෑවා කස්ටියම. මේ තියෙන්නෙ නාන්න කලිං ගහපු පොටෝ කෑල්ලක්.

ඕසං සීනරි

නෑවට පස්සෙ වැවේ වතුර සේරම මඩ පාට උන නිසා ඒකෙ පොටෝ ගැහුවෙ නෑ! 😛

එදා නවතින්න සෙට් කරං තිබ්බෙ මින්නේරියේ “හේරත් හොලිඩේ ඉන්” කියන තැන. සුපිරි සර්විස් එකක් දුන්නා ඒකෙං. මින්නේරිය පොළොන්නරුව පැත්තෙ යනව නං එහේ නවතින්න කියලා ඕන කෙනෙකුට රෙකමදාරු කරන්න පුළුවං බය නැතුව! කෝල් එකක් දෙනව නං මෙන්න නොම්මර: 0717205919, 0272055444.

වැවෙන් නාලා, නවතින තැනට ගිහිං දවල්ට කෑවා.

කෑවොත් නිදි මතයි – නැගිට්ටොත් බඩගිනියි

කාල ඉවර වෙලා පොළොන්නරුව බලන්න යන්න පිටත් උනා.

ත්‍රී ප්‍ලස් වන් ඉඩියට්ස්

අසා – ද බේබි සිටර්

ආ මගත් දුරයි – යා යුතු මගත් දුරයි

අකුරු කියවීම

අක්කයි නංගියි

පොළොන්නරුව බලල ආපහු නවතින තැනට ආවා රෑ වෙලා. ඊට පස්සෙ පොඩි සාජ්ජයක් දැම්මා.

ආනන්ද භවන් එකට වැදී…

සූදු පිටිය

රෑ සීපද කියමින් සීතලයට ගැහෙමින් හපුතලෙ කන්ද නගිනවා…

ඊට පස්සෙන්දා උදේ ත්‍රිකුණාමලේ නාවික හමුදා කඳවුරේ සංචාරයක්.

ගේට්ටුව අරිනකං බලං ඉන්නවා

හාබර් කුරුස් එක යන්න බෝට්ටුව එනකං ඉන්නෝ

වරායේ කරක් ගහන ගමං

ද අදර් සයිඩ්

සැට්ටෙකම ඉන්නෙ මේ

හාබර් කුරුස් එක කොරලා ඊට පස්සෙ නාවික හමුදා කෞතුකාගාරේ බලන්න ගියා.

ලොකු චීන පටස්

උඩ බැලුං

සෙක්කුවක් ද?

ඊට පස්සෙ ත්‍රිකුණාමලේ වෙරළේ ජල ක්‍රීඩා.

ඊට පස්සෙ ත්‍රිකුණාමලේ වෙරළේ ජල ක්‍රීඩා.

ඊට පස්සෙ ත්‍රිකුණාමලේ වෙරළේ ජල ක්‍රීඩා.

ඊට පස්සෙ ත්‍රිකුණාමලේ වෙරළේ ජල ක්‍රීඩා.

එදා සෑ තමයි සෑ. බාබක්‍යු එක තිබ්බෙ එදා.

ද චිකන් කිචන් පාටි

ධනා’ස් විට්ස්

වයිටා – ද මිතුරු සුනඛයා

ගිනි පිඹීම

ෆස්ට් රවුන්ඩ් එක

දිවිය මය රස

රෙඩි වේගෙන එන්නේ

රැල්ල සිඹින වැල්ල අපට මෙහෙම කියනවා…

මං මිනිස් ලොවේ තවත් කෙනෙක්…

ඊට පස්සෙන්දා උදේ ගියා කෝණේෂ්වරම්.

පොඩි අවුව හොඳේ

පොටෝ සූට්

සෙල්පිම ගහපල්ලා

එතනිං පස්සේ සීගිරියෙ එන්න පිටත් උනා.

එන අතරමග කස්ටියට ඇලක් දැකලා ඒකෙ නාන්න ඕන උනා

ඕම්

හබරණ ටවුන් එකෙං දවල්ට කෑවා.

මෙහෙම කෑමක්

ඕං ඊළඟට සීගිරිය නගින්න පටං ගත්තා.

තවෙකෙක් විසින් ගසනු ලබන සෙල්පි විශේෂයකි.

උඩටම නැග්ග කියහං කො.

කෝමද පොටෝ එක?

ඉර බැස යන ගොම්මං යාමේ අපි එන්ට පිටත් උනා.

සන් සෙට්

සීගිරිය බැහැලා කට්ටිය බස්සෙකේ නැගලා සින්දුවකුත් කියාගෙන ගෙදර බලා එන්න පිටත් උනා. අතර මග නවත්තලා රෑට කෑවා. කාලා ආපහු සින්දුවක් කියාගෙන කියාගෙන කියාගෙන ආවා.