
වෙබ් අඩවි හොස්ට් කරන ක්‍රම සහ ඒවායේ වෙනස් කම්.
ඔබ සතුව නිර්මාණය කළ වෙබ් අඩවියක් ඇත්නම් ඊළඟට ගත යුතු පියවර වන්නේ ලෝකයේ පුරා සිටින ජනතාවට එය බලා ගැනීමට හැකි වන ලෙස එය හොස්ට් කිරීමයි.
ඔබේ වෙබ් අඩවිය හොස්ට් කිරීම සඳහා ඔබට ලබා ගත හැකි වෙබ් සර්වර වර්ග 3ක් තිබෙනවා.
- ෂෙයාඩ් හොස්ටින්,
- වර්චුවල් ප්‍රයිවට් සර්වර හෙවත් “වීපීඑස්”, සහ
- ඩෙඩිකේටඩ් සර්වර
මේවා එකිනෙකක් ඔබේ අවශ්‍යතාවය අනුව විවිධ මට්ටමින් පාලනය කිරීමේ හැකියාව ඔබට හිමි වේ. විවිධ කාර්යයන් හා අවස්ථාවන් අනුව මේ ක්‍රම තුනෙන් එකක් වඩාත් ගැළපිය හැක.
ෂෙයාඩ් හොස්ටින්
ඉහත සඳහන් කරන ලද ක්‍රම තුන අතරින් වඩාත් අඩු මුදලට ලබා ගත හැකි වන්නේ ෂෙයාඩ් හොස්ටින් වේ. එමගින් ඔබගේ වෙබ් අඩවිය තවත් වෙබ් අඩවි රාශියක් සහිත සර්වරයක තැන්පත් කරනු ලැබේ. ඔබ පරිශීලකයන් සාපේක්ෂව අඩු ප්‍රමාණයක් බලාපොරොත්තු වන සරල වෙබ් අඩවියක් හොස්ට් කරන්නට බලාපොරොත්තු වන්නේ නම් ඔබට වඩාත්ම ගැළපෙන්නේ ෂෙයාඩ් හොස්ටින් ක්‍රමයයි. ඇතැම් හොස්ටින් සේවා සපයන්නන් ඉතාමත් හොඳ තත්වයේ පද්ධති ශක්‍යතා සහිත ෂෙයාඩ් හොස්ටින් සේවා ලබා දිම සිදු කරයි.
ඩෙඩිකේඩට් සර්වර
හොස්ටින් ක්‍රම අතුරුන් වඩාත්ම ඉහළ මුදලක් වැය වන ක්‍රමය ඩෙඩිකේටඩ් සර්වර වේ. මෙම සේවාව ලබා ගන්නේ නම් ඔබේ හොස්ටින් සේවා සපයන්නා විසින් ඔබේ වෙබ් අඩවිය තැන්පත් කිරීම සඳහා වෙනමම සර්වරයක් වෙන් කෙරේ. ඔබ සතුව අධික පරිශීලකයන් ප්‍රමාණයක් නිතර පැමිණෙන වෙබ් අඩවියක් ඇත්නම් හෝ සංකීර්ණ ක්‍රියාදාමයන් කළ යුතු වෙබ් ඇප්ලිකේෂන් එකක් ඇත් නම් එය මෙවන් සර්වරයක හොස්ට් කිරීම ප්‍රයෝජනවත් වේ.
වර්චුවල් ප්‍රයිවට් සර්වර් හෙවත් “වීපීඑස්”
සරල ෂෙයාඩ් හොස්ටින් හා දැවැන්ත ඩෙඩිකේටඩ් ක්‍රම අතරින් මැද පිළිවෙතේ ගමන් කරන්නේ වීපීඑස් වේ. ඩෙඩිකේඩට් සර්වරයක ලෙසින්ම මෙහිද සම්පූර්ණ පරිපාලන හැකියාවන් ඔබ වෙතට හිමි වේ — එකම වෙනස ඔබේ “සර්වරය” යනු මෘදුකාංග මගින් මවන ලද්දක් වීම පමණි. ඔබේ හොස්ටින් සේවා සපයන්නා එක් සත්‍ය සර්වරයක් තුල වීපීඑස් කිහිපයක් ස්ථාපිත කරනු ලබයි. මෙහි ක්‍රියාකාරීත්වය ඩෙඩිකේඩට් සර්වර වලට වඩා අඩු වුවද, ෂෙයාඩ් හොස්ටින් වලට වඩා වැඩිය.
මතකයේ තබාගන්න…
මතක තබා ගත යුතු කරුණක් නම් අපට ඉහත සඳහන් ලෙස භාවිතා කොට ඇති තාක්ෂණයන් අනුව මෙම සර්වර ක්‍රම වර්ග කළ හැකි වුවද, ඔබ තෝරාගන්නා හොස්ටින් සේවා සපයන්නා මත මෙකී සර්වර වල ක්රියාකාරීත්වයන් වෙනස් විය හැකි බවයි. ඇතැම් සේවා සපයන්නන්ගේ ඩෙඩිකේඩට් සර්වර වලට වඩා හොඳ වීපීඑස් සපයන්නන් ඕනෑ තරම් සිටිය හැක.
4 Comments
-
-
Supun Budhajeewa
You can use DigitalOcean Saman. We hope to write a new blogpost about it very soon.
Meanwhile, you can sign up for a DigitalOcean account using the following link. It’ll give you 10 USD credit. That means you can have 2 months of free service from them!
-
Saman
Can we install windows servers with DigitalOcean?
-
-
-
Saman
Can you please suggest some cheap but good VPS?